ඉන්දියාවේ අගමැතිට ලංකාවේ අසංක සායක්කාර යැවූ ලියුමක්  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya


ලංකා ඉරිදා සංග්‍රහයෙන් උපුටා ගත්තෙමු.

සමහරුන්ට ෆ්ලයිං අප්සට්- සමහරුන්ට ලෑන්ඩිං අප්සට් [තථාගත වේදිකා නාට්‍යයෙන්]  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya



From BOONDI 13....


"කවි අමතක කරන්නෙපා බැන්දට!" [හිරිහැරයි මේ පිළිවෙළ - ඩී. එම්. ටිම්රාන් කීර්ති]  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya


හිරිහැරයි මේ පිළිවෙළ

හිරිහැරයි
මේ පිළිවෙළ
තරු ද මුදු නළවැල් ද පන්නා
කවුඵ ද ඇය වසා දමලා

බුරුත දෙබලේ ඇන තියාගෙන
හද හූල්ලනවා ද මංදා
කල්පනා දැල් වියපු පෙරදින
මකුඵවන් කෝ සැඟවුණාව ද?

දැකුඵ මල් නම්
යළි පිපෙන්නේ නැත.....
කඩා වැදි සගයන් දමා ගිය
පොත් කුරුටු බලි
දැන් විසිරී නැත
ඈ නිසා පිළිවෙළයි
කුටියම
(වැරදුණා දැන් සොඳුරු හිර ගෙදර)

ගඟ බඩින් නික්ම ගිය පසු
චන්ද්‍ර බිම්බය ද සැඟවෙයි
මට ම පෙම් කරන්නේ ඇයි
පාලම් ඇන්ද අමතක කර
හූ කියනවා ගං දිය
ඇහෙන්නේ නැතිව ද?

හිරි හැරයි මේ පිළිවෙළ
(ඇය පාරවන්නත් බෑ මට)
වීදියේ සැරුව මිනිහෙක්
රාමුවක කවි ලියන්නේ
කොහොම ද?

"කවි අමතක කරන්නෙපා
බැන්දට!"
රළ නගන හැටි තිස්සෙ ම
මිතුරු කවියෙකුගෙ
වදනක්
මගෙ සවන් අද්දර

- ඩී. එම්. ටිම්රාන් කීර්ති

18 පිටුව - අවකාශ (රාවය 2009.07.05)  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya

RAVAYA 2009.07.05

ප්‍රොජෙක්ට් මීටිමේ දී ලිව්ව සංයුක්ත කවියක්  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya


[ප්‍රොජෙක්ට් මීටිමේ දී ලිව්ව සංයුක්ත කවියක් - රසිකගෙනි.]

Who will awake the conscience of bones? [Prison Nation - Sunil Ranasinghe]  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya


Prison Nation

(Perhaps this war will pass like others which divided us
leaving us dead, killing us along with killers
but shame of this time puts its
burning fingers to our face
who will erase the ruthlessness
hidden in innocent blood? )
Pablo Neruda – Selected Poems

Blood smudges specter of present days
clash and try to strangle each others,
The gallows fruits continually in barren ground
to hang innocent with flattered in charnel house.

The hunters open smelling mouth and paws
to skinned and mutilate you and me,
Nocturnal delimit the borders among us
to divided canopies and roots of womb.

Agent evils offer chauvinism to next
and flame scatters as pillars of decline
it leads people to dig grave itself
War profits for devils turn men into beasts.

Who will awake the conscience of bones?
to fulfill pure life and pure memories,
Who will erase the pains of warm blood?
to grew the seeds of humane and love.

Sunil Ranasinghe

රන් තැටියක කඳුළු - දයාසේන ගුණසිංහ  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya

රන් තැටියක කඳුළු

මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්

මෙතෙක් ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී
ලයට කැටි කොට නිදයි ඔඛෙ මව
අවදිවන ඇසිපියෙන්
බිඳී සුන්වන ලොවක.
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුලෙහි
ඉකිබිඳියි කම්පාව.

දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුලට වූ බහිරවයන්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඩු නියෙන්
පැහැර සඟවන අතර
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව

සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඩැල් පෙරලන්න
මවගෙ ඇකයෙහි පහස
නොදත් දැරියකි සිඟිති

කිරි ගරුඩ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි.

මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්.

දයාසේන ගුණසිංහ (1936-1996)

හෙනහුරා බැල්ම හෙළා - ( )කොලම - විමලනාත් වීරරත්න  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya


හෙනහුරා බැල්ම හෙළා

අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර දැන් සිටින්නේ මධ්‍යම රහස් ඔත්තු සේවය භාරයේය. අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස සීඅයිඩීය ප්‍රකාශ කර ඇත්තේ චන්ද්‍රසිරි ශනි, කේතු, රාහු, සෙනසුරු ආදීන් සමග අනවශ්‍ය සබඳතා පැවැත්වීමය. චන්ද්‍රසිරි අත්අඩංගුවට ගෙන හතරවැනි තට්ටුවට ගෙන ඒමෙන් පසු ඔහුගේ බිරිඳට දුරකථනයෙන් කථා කළ රහස් නිලධාරියකු විමසා ඇත්තේ චන්ද්‍රසිරිට තාරකා සමග තිබුණු සම්බන්ධය ගැන තමුන් බිරිඳ හැටියට මොකුත් දන්නවාද කියාය. දෙයියම්පා නැහැ සර් කියා දුරකථනයෙන් දිවුරා කියූ ඇය චන්ද්‍රසිරි තමන්ටත්, දරුවන්ටත් ආදරය කරන ස්වාමියකු මිස එසේ වෙන වෙන ගෑනුත් එක්ක අංකර ඇල්ලු අයකුයැ'යි තමන් කිසිසේත් විශ්වාස නොකරන බව ද කීවාය. චන්ද්‍රසිරි නම්, ඔහු හතරවැනි තට්ටුවට ගෙන ඒම පිළිබඳව ඉමහත් සේ සතුටු විය. මන්ද පොළොව මට්ටමේ ඉන්නවාට වඩා හතරවැනි තට්ටුවේදී තමන්ට තරමක් හෝ ග්‍රහ තාරකාවලට කිට්ටුවීමට ඉඩ ලද බැවිනි.

වහා ක්‍රියාත්මක වූ රහස් නිලධාරීහු චන්ද්‍රසිරි කකුලේ මහපිට ඇඟිලිවලින් බාල්කයක එල්ලුහ. හරි දැන් කියනවා තමුසෙට සනි එක්ක තියන සම්බන්දෙ මොකක්ද?
රහස් නිලධාරියකු ඔළුව බිමට සිටින සේ පැද්දෙමින් සිටි චන්ද්‍රසිරිගෙන් ඇසීය.
මොන සනි ගැනද ඔය අහන්නෙයැයි ඇසූ චන්ද්‍රසිරිගේ බඩට එකක් ඇන්න නිලධාරියා ඇයි ඕයි අර තමුසෙ ලියල තිබුණෙ සනි, කේතු, අතුරු දසාවේ නම් සැප්තැම්බර් මාසෙදි ලොක්කට කෙළවෙන කතාවක්. කවුද ඒක තමුසෙට කිව්වෙ?
ආ ඒක කිව්වෙ ශනි නෙවෙයි, සෙනසුරු
අන්න හරි, ඌ කොහෙද ඉන්නෙ?
සෞරග්‍රහ මණ්ඩලේ කියූ ආධ්‍යාත්මවේදියාට, මල පන්නවාගෙන සිටි රහස් නිලධාරියා පංචකාම රසය ක්ෂණිකව ලබා දුන්නේය.

ජනාධිපතිතුමා කන්‍යා ලග්නයේය. අත්අඩංගුවට පත්වීමට පෙර චන්ද්‍රසිරි ජනාධිපතිතුමාගේ ලග්න පළාඵල ගැන සිරිකොතේ දේශනයක් කළේය. සැප්තැම්බර් සාහිත්‍ය මාසය එළඹෙද්දී ජනාධිපතිතුමා රත්නසිරි පුටුවේ තබා එතුමා ලෝක ත්‍රස්තවාදය තුරන් කිරීමේ ජාත්‍යන්තර අරගලයට නායකත්වය දීමට යන බව නිසැකයැයි හෙතෙම එහිදී කීවේය. අනතුරුව පුටුවේ සිටින රත්නසිරිට කොළේ වසා මීන ලග්නකාර රනිල්ගේ ගුරු බලවත් වීමෙන් හෙතෙම පුටුව ගන්න බවට ද සපථ කළේය. විපක්ෂ නායක රනිල්, තිස්ස ඇතුළු සගයෝ එල්ලෙන්නට තිබුණු පිදුරු ගස් පවා ජනාධිපති විසින් කපා දමා තිඛෙන තත්ත්වයක් තුළ චන්ද්‍රසිරි බණ්ඩාර වීදියේ බණ්ඩාර සේ දුටහ. ඉන් නොනැවතුණු ආධ්‍යාත්මවේදියා කන්‍යා ලග්නයෙන් උපන් නැපෝලියන් බොනපාට් සෙනසුරු ලබා නීචවී, කිචවී ගිය සැටිද ඉරුදිනට ලියා හතළිහේ දශකයේ උපන් කන්‍යා ලග්නයේ ජන නායකයන්ට 13 හා 17 යන අංකවලින් එන ව්‍යවස්ථා සංශෝධන මරු අපල ගෙන දෙන බවද ලීවේය.

චන්ද්‍රසිරිගේ අනාවැකි ඇත්ත වුවත්, බොරු වුවත් ජනාධිපතිතුමා ඒවා ගැන වැඩිපුර උනන්දුවන්නට පටන් ගත්තේ ඉන්පසුවය. තම කන්‍යා ලග්නය ගැන දෛනිකව පත්තර පෙරළා, බලන බලන පලාඵල විස්තර හරි බව ජනාධිපතිතුමාට සිතුණේය. එක් දිනක් කන්‍යා ලග්නය යටතේ ලියා තිබුණේ බාධා යට යයි, අතේ සතපහක වියදමකින් තොරව දෙතුන් සියයක් සමග විදේශයන්හි විනෝද ගමනක් යාමට සිත්දේ කියාය. ඒක හරියටම හරි ගියේය. අද දින කන්‍යා ලග්න හිමියාට බඩේ අමාරු සහ පෙම් සබඳතා පලදෙනු ඇත කියන දවසට ඒකම වුණේය. කෙටි ගමන් බිමන් යෙදේ කියන දවසට ඉන්දියාවේ හෝ පාකිස්තානයේ සංචාරවල නියැලෙන්නට සිදුවුණේය. අද ඔබට සොර සතුරු උවදුරු කියා තිඛෙන දවසේම රාජිත හෝ වීරවංශ යන දෙදෙනා දෙකොණින් 13 වැනි සංශෝධනය ගැන මුඛ පූට්ටු වෙන කථා කියති. අද ඔබ උගතුන් වෙතින් අපකීර්තියට ලක්වේ කියා ලියා තිඛෙන දවසට මර්වින් කාගේ හෝ සරමක් කඩා ජනාධිපතිතුමා නෝන්ඩි වෙන වැඩක් කරයි. ඌරන්ගෙන් වගාවට බාධා කියා තිබුණු දවසක මහින්දානන්ද වැන්නකු මොකක් හෝ කෂිලියක් ඇද ගනියි. ඔයින් මෙයින් ජනාධිපතිතුමා පලාඵල විශ්වාස කරන තත්ත්වයක් උදාවීම ආධ්‍යාත්මවේදියා ද නපුරට හෙලූවේය. එපමණක් නොව, ඉන්පසුව පත්තරවලට පලාඵල තීරු ලියන ජ්‍යොතීර්වේදීහු පසුපස සුදුවෑන් එන්නට පටන් ගත්හ.

ලක්බිමට ලියන ආනන්ද සෙනෙවිරත්න, දිවයිනේ ඩී.ඩී. පෙරේරා, ලංකාදීපයේ අබේසේන හේරත් වැනි ප්‍රකට ජ්‍යොතීර්වේදීහු සිය දුරකථන, ෆැක්ස්, ඉන්ටර්නෙට් විසන්ධි කර දමා නිවෙස්වල සිට ග්‍රහ තාරකා ඔස්සේම සිය පත්තර කන්තෝරුවලට දෛනික ජ්‍යොතිෂ සටහන් එවන්නට පටන් ගත්හ. මේ දිනවල පුවත්පත් ආයතනවලට කථා කොට, එම ජ්‍යොතීර්වේදීන් ගැන ඇසුවහොත් කතුවරුන් කියන්නේ ඉන්න තැනක්, ගෙයක්, දොරක්, දුරකථන අංකයක් තමන් නොදන්නා බවත්, ඔවුන් හමුවන්නට නම් යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ වැනි දුර ග්‍රහලෝකවල සහාය ලබාගත යුතුව තිඛෙන බවත්ය.

පංචකාම රසයෙන් සිහිමුර්ඡාවී සිටි චන්ද්‍රසිරිට ටික වේලාවකින් සිහිය ආවේය. මරුමුස් පෙනුමක් තිබුණු රාහු වැනි අතුරු ග්‍රහයකු ඉදිරියට පැමිණ චන්ද්‍රසිරිගේ ගෙළ මිරිකා ඔළුව ළඟ තිබුණු බිත්තියේ ඇන්නේය. ඔහුට ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග සිහිවිය. ඔහු සිටියා නම් සිංහලෙන් බැරි නම් ඉංග්‍රීසියෙන් හෝ තමන්ගේ සෙනසුරු ඒරාෂඨකය ගැන ලියනු ඇති බව චන්ද්‍රසිරි සිතුවේය. ඒ වෙලාවේ රාහුවා ගෙරෙව්වේය.

"තමුසෙ මොකද්ද අර ලොක්ක ගැන ලියල තිබුණෙ සෙනසුරු නීචවීමෙන් ගැළවෙන්න නම් පොලිස් සහ ඉඩම් බලතල කියන දෙකම දෙන්න ඕන කියලා. කවුද තමුසෙට ඔහොම අවලං කථාවක් ලියන්න කිව්වෙ."

zකන්‍යා ලග්න හිමියන්ගෙ ගුරු සතුරු බලය උච්ච වෙලා තිබුණා. ඒ වෙලාවෙ චන්ද්‍රයෝගය තිබුණු දහවැන්නේ සෙනසුරා ගමන් කිරීම නිසයි එහෙම කියන්න වුණේ. ඒ අනුවනෙ චම්පික රණවකත් ආණ්ඩුවෙන් යනව යනවා කියන්නෙ. එතුමා යනව යනවා කියන්නෙ එතුමගෙ සෙනසුරු නීච වෙලා කියල තමුසෙට ලියන්න තිබුණනෙ. රාහු යළි සැර දැම්මේය.

ඔව් එහෙමත් ලිව්වැහකි තමයි.
එහෙනම් නොලිව්වෙ ඇයි කියා ඇසූ සනී වැන්නකු තව එකක් ආධ්‍යාත්මාවේදියාට ඇන්නේය.

ජනාධිපතිතුමා ජ්‍යොතීර්වේදීන් සමග සුහද හමුවක් පැවැත්විය යුතු බව සිතා හදිසියේම සිංහලෙන්, ඉංග්‍රීසියෙන් මෙන්ම දෙමළෙන් ලියන ජ්‍යොතීෂවේදීන් අරලියගහ මන්දිරයට කැඳවූයේය. මගේ කන්‍යා ලග්නයට මේ කාලෙ කොහොමද, එතුමා මුලින්ම ඇසූ ප්‍රශ්නය එයයි. කන්‍යා ලග්න හිමියන්ට ලැබූ නවාංශකය තුළ කන්‍යාවන්ගෙන් සුබයි. ජ්‍යොතීර්වේදීහු තම හසල දැනුම එකලූ කරමින් කීහ. හැබැයි කන්‍යාවන් නොවන අයගෙන් තරමක් අපලයි. ඒක මං දන්නවා කියූ ජනාධිපතිතුමා ඊළඟට ඇසුවේ ජ්‍යොතිර්වේදීන්ට තියන ප්‍රශ්න මොනවාද කියාය. සෞරග්‍රහ මණ්ඩලයේ, ග්‍රහ තාරකාවල හා වෙනත් අභ්‍යවකාශ වස්තුවල උච්ච චලන නිසා සමහර අවස්ථාවල තමන් මහත් අපහසුතාවලට ලක්වන බැවින් ප්‍රභාකරන්ව නිහඩ කළා සේ ග්‍රහතාරකාවල චලනය සාමාන්‍ය අතට හරවා දෙන ලෙස ඔවුහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලුහ. අයියෝ සුළු දෙයක්නෙ කියූ ජනාධිපතිතුමා, බැසිල්, ඩලස්, මර්වින්, බන්දුල ගුණවර්ධන, සජින් වාස් වැනි ග්‍රහයන්ට ටෙලිෆෝන් කර කීවේ මේ ප්‍රශ්නය "දකුණු සුවර්ගය" වැඩසටහනේ උඩටම දාගන්නා ලෙසය.

ඇත්තටම ඇයි ඔයාලට බැරිවුණේ ප්‍රභාකරන් මැරෙන දවස කියන්නයැ'යි ඊළඟට ජනාධිපතිතුමා ඇසූ ප්‍රශ්නයට ඔවුන් කීවේ මිනිස්සු මැරෙන දවස කිවහැකි වුවත්, ප්‍රතිපත්තියක් ලෙස එය නොකරන බවය. හරි මං සම්බන්ධයෙන් ඔය ප්‍රතිපත්තිය වෙනස් කරන්න කියලා මම දැන් නියෝග කරනවා. ජනාධිපතිතුමා සැරවැර දමා එසේ කීමත් සමග බිරන්තට්ටු වූ ජ්‍යොතීර්වේදිහු ඉද්ද ගැසුවා සේ සිටගත්හ. බියෙන් වෙව්ලමින් සිටි ඔවුන්ට ජනාධිපතිතුමා ඊළඟට නියෝග කළේ තමන් මැරෙන දවස දැන් වහා කිවයුතුය කියාය. මොහොතක් අහස දෙස බලා මනෝමෙන් ගණන් මිනුම් හැදූ ඔවුහු "ඔබතුමා මේ කප තිඛෙන තුරු මැරෙන්නේ නැහැ කියා" හඩ නගා කීහ.

(රාවය- 2009-07-05)
- රාවය පුවත්පතෙනි.

විමලනාත් වීරරත්න

කට කොකියනවට - [බයිලා] - (මගෙ) ඇවිස්සුනොත් සතා (බොට) කන්ඩ වේවි පුතා  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya


මේව ගින්දර බයිලා- මල්ලි අහුලගනිල්ලා!

පිම්පික-
(ඔය) දෙමල්ලූංගෙ දුක
(අනේ) මොකට හොයනවද
(හැබැයි) දුන්නොත් දහ තුන
(අපි) පුරවනවා හක

මාරවංශ-
ඔය ටික ඔලූවට- වැටුනට කරුමෙට
රට ගිය පසුවට - මගෙ කට වට වැට!

ඩොකා සිල්වා-
(අර) ගැලරි සොමිය පතා
(අනේ) මොනාද මේ කතා
(මගෙ) ඇවිස්සුනොත් සතා
(බොට) කන්ඩ වේවි පුතා

බබ්මු සිරා-
සිංගො මචං සේරු සේරු
මුං සේරම මෝරු මෝරු
නොකියා කතා බූරු බූරු
වෙන්ඩ නිකං මාරු මාරු

ජහමරාණෝ-
(අඩෝ) ඉරි ඇඳ ඇඳ ජලේ
මොකට වෙහෙසනවද මලේ
මං රජා සිංහ රැලේ
පැනපු ගමං කනවා මොළේ

ඩෝං පුතා

LISHWISH ගේ අන් සතු (මා) රුව සහ නදීකගේ මට පිෂ්ෂු !  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by ඩෝසන්


අන් සතු (මා) රුව

මම විඳිමි ඈ රුව
පෙනෙන ලෙස තඹරුව
බිඟු ඇසින්
කරන ලෙද බලකලත් සිතුවිලි
ඇය හටම
කරන ලෙද ආලය හද තුලින්
කෙසේ කරමිද
ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

ලිව්වේ LISHWISH

මෙම නිර්මාණය මට හමුවුනේ ලිෂ්විෂ්ගේ බ්ලොග් සටහනේ ඔහු ගේම නිර්මාණයක් ලෙසය.
මෙ නිර්මාණය මසිතට ගෙන ආ සිතුවිලි කීපයක් සටහන් කරන්නයි මේ වෑයම.

අන් සතු රුව හෝ අන් සතු මා රුව හෝ අන් සතු මාරුව යන මූලික ත‍්‍රිත්වාකරයෙන් මාතෘකාව තෝරා ගැනීමෙ නිදහස පාඨකයා වෙත පවරා ඇති මෙ නිර්මාණයේ ඇරඹුම ම අභ්‍යාසයක් වෙත අපව යොමු කරවයි.

කවියේ කියැවීම මාතෘකාවෙ අන්තර්ගත වරහන් මතින් පොදුවේ පිලිගත හැකි තුන් ආකාරයකට විචලනය වේ. මෙය කවියක ඇති බහුවිධ අරුත් මැවීමේ හැකියාව නිශ්චිතවම ඉක්මවා යෑමකි. මෙබදු වරහන් භාවිතයෙන් අකුරු සහසංයුජතාවයෙන් තැබීම වර්තමානයේ සුලබ සිදුවීමක් ද වේ. එහෙත් මෙ නිර්මාණයේ දී එය වඩාත් චමත්කාරජනක ප්‍රතිකතනයන් උපදවයි.

වචනරුත් සමග සිදුවන විවිධ කියවීම් වලට පෙළඹීමට හෝ යොමු වීමට සාපේක්ෂව මෙ මාතෘකා විවිධාංගීකරණය වීම නිසා සිදුවන විවිධ කියැවීම් කරා යොමු වීම මෙම නිර්මාණයේ ම අනිවාර්යය අංගයක් බවට පත් වේ.

එනයින් මෙම නිර්මාණයේ තේමාව වඩාත් ලං වන්නේ සම්භාවිතා ආකෘතියකටය. එනම් විවිධ අරුත් කෙරෙහි එළඹීමෙ සම්භාවිතා පරාසයක් අක්ෂගත රාමුවක සිට මෙහි කියැවීම විනිශ්චය කරන්නට සිදුවීමයි.

පහසුවට අපි මෙම කවියේ පේලි අංකනය කරගමු.

1-මම විඳිමි ඈ රුව
2-පෙනෙන ලෙස තඹරුව
3-බිඟු ඇසින්
4-කරන ලෙද බලකලත් සිතුවිලි
5-ඇය හටම
6-කරන ලෙද ආලය හද තුලින්
7-කෙසේ කරමිද
8-ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

1-මම විඳිමි ඈ රුව
මෙහි දී කවියා කවියට සමපාත වී ඇත්තේය. කියවීමෙ දී ඈ රුව විදීමෙ යෙදෙන්නේ පාඨකයා ය.

2-පෙනෙන ලෙස තඹරුව
3-බිඟු ඇසින්
මෙ කියවන්නා දකින්නේ නෙලුමකි
එනමුත් ඒ බිගු ඇසෙනි


4-කරන ලෙද බලකලත් සිතුවිලි
5-ඇය හටම
6-කරන ලෙද ආලය හද තුලින්

හද තුලින් ආලය කරන ලෙස බල කළත් ඇය හටම කෙසේ කරමිද ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්...
මෙහිදී කියවන්නා තමන් වෙන කෙනෙකුට නතු වූ හදවතැතිව තම හද තුලින් මෙ වර්ණිත ඇය වෙත ආලය කල නොහැකි බව හගවමින් හිදී.
එය සිදුවන්නේ ද තම සිතුවිලිවලින්ම ය.
තම සිතුවිලි එලෙස තමන්ට බල කරන බව ලිඛිතය.

දැං කවියේ සිරුර පැහැදිලිය.
අප කළ යුත්තේ නිවැරදි හිස මෙයට සවිකර ගැනීමට උත්සාහ කිරීමය.
මෙම නිවරදි හිස සොයා යන ගමන් මාර්ගය වැටී ඇත්තේ වඩාත් විචිත්‍ර වූ තර්කානූකූල මංපෙතක් හරහාය.

නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද හෝ එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි.

අන් සතු රුව
මෙ නෙලුමක් හා සමාන තරුණිය අන් සතුය.
එහෙත්
නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද ? නොඑසේ නම් එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි.
ඇය අන් සතු වුව ද මා අන්සතු වුව ද මෙ ඇය දැකුමින් ලබන ආශ්වාදය මගහැරිය නොහැකිය.
කෙටියෙන් පවසතොත් ලෝකය මවා ඇතතේ මගේ සන්තුෂ්ටියට යැයි මට සිතීම වරදක්‍ නොවේ.

අන් සතු මා රුව
මෙ නෙලුමක් හා සමාන තරුණිය මගේ පෙම්වතිය වුව ද ඇය අන්සතුව ඇත.
එහෙත්
නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද? එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි.
මා ඇයට ආලය කළ ද ඇය වෙනස් ආලයක් වෙනුවෙන් මා හැර ගිය ද මෙ ඇය දැකුමින් මා ලබන ආශ්වාදය මග හැරිය නොහැකිය.
තවමත් මා සිතා සිටින්නේ මා අන්සතු බවය. ඈ සතු බවය.
නමුත් ඈ අන්සතු ය. ඒ මම ද නොවෙමි.
වෙනකෙකු ද නොවන්නේ විය හැකිය. චතුස්කොටිකයෙන් විසදා ගත යුතු තැනකට විතැන් වෙ. එනමුදු ‍‍භෞතික ලෝකයේ ප්‍රපංචයන්ට චතුස්කෝටිකය අදාල නොවේ.
මෙතැන දී ඇය සහ මා අතර අනන්ත චකී‍්‍රය සම්බන්ධයකින් නිර්මාණය වී කවිය වැසී යයි.
ඇය මා සතු වීමත් නොවීමත් දෙකම එක විට සත්‍ය වෙයි.
අර්ධ ලෙස වෙරෝනිකා හමු වීමක් සිදුවේ.
මෙ ලෝකයේ මැවුමෙ අර්බූදය ද මෙය යැයි මට [කවියට] සිතෙන්නේ මන්දැයි දැන් ඔබට තේරැම් යා යුතුය.
කෙටියෙන් පවසතොත් ලෝකය මවා ඇත්තේ මගේවත් ඇගේවත් කාගෙවත් සන්තුෂ්ටියට නොවේ යැයි මට සිතීම වරදක්‍ නොවේ.

අන් සතු මාරුව
මෙ ගැහැණු හුටපටය මිතුරන් දෙදෙනකු අතර තරුණියන් හුවමාරු වීමකින් විසදිය හැකි වුව ද එය මා හට කළ නොහැකිය- මක් නිසාද යත් මාරුව අන් සතු බැවිනි.
එහෙත්
නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද හෝ එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි.
මෙ අවස්ථාව වඩාත් ගැලපෙන්නේ නදීක ගුරුගේ ගෙ ගායනාවකටය

වෙරෝනිකා මට පිස්සු මට පිස්ෂු මට පිෂ්ෂු!

[එය වඩා විස්තර කිරීමේ වාග් චාතුර්‍යයක් මා වෙත නොමැතියෙනි ඒ. ]
මෙ ලෝකයේ මැවුමෙ අර්බූදය ද මෙය යැයි මට සිතෙන්නේ මන්දැයි දැන් ඔබට ද තේරැම් ගත නොහැකිය. කෙටියෙන් පවසතොත් ලෝකය මවා නැත.
මෙ තුන්වන අවස්ථාව සිදුවීමේ යථාව කුමන භෞතික අවශ්‍යතා මත සිදුවිය හැක්කේ දැයි කීම මා නොදන්නා මුත් නිර්මාණයේ තේමාව නොහොත් මාතෘකාව තුල වරහන් භාවිතයේ ඇති අධිනිශ්චය වීම් කර්තෘට හෝ විචාරකයකුට හෝ පාඨකයෙකුට සීමා පැනවීමෙන් අරැත් සංවෘත කළ නොහේ.

මෙ කවිය හරහා මා ගොඩනගන්නා වූ සම්භාවිතා ආකෘතිය මූලික අවස්ථා තුනකින් සමන්විත වෙ. එහි සිදුවිය හැකි ශක්‍යතාවයන් තව තවත් සොයා යාම මෙ අගයන් විසිරුමෙහි සන්තතිකත්වය ගෙන හැර පානු නොඅනුමානය. මෙබදු නිර්මාණයක් කියවීමේ දී ඇතිවන සංකීර්ණ ස්වභාවයන් ගෙනහැර පෑම මෙ කුඩා ලියැවිල්ලේ අරමුණ වීමට බොහෝ දුරට ඉඩ ඇත. මෙය හුදෙක් මෙම නිර්මාණ‍ය තුල වරහන් භාවිතයේ ව්‍යාකූලත්වය සහ එයින් නිමැවෙන තර්කාන්තයන් ගෙන හැර පෑමට ලියන ලද්දක් ලෙස සැලකීම වඩාත් උචිත වේ.


-ඩෝසන් ප්‍රීති-

බිඳුනු පොට්ටු -මහේෂ් මුණසිංහ  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by ඩෝසන්


බිඳුනු පොට්ටු

සහන කඳවුරු වල මාපියන් දෙදෙනාම අහිමි දරුවන් දහස් ගණනකි.
-පුවතක්

රතුම රතු පොට්ටුවකි
හැම උදෑසන ම
නොවැරැද්දු
නුඹේ සුළැඟිලි තුඩින්
අපි දෙන්නගෙ ම
ඇහි දෙබැමි මැදින්

මුලින් අම්මා තියාගෙන
ඉන්පස්සෙ
මගේ නළලත ඉස්සූ
මතකයි ද රණ්ඩුව
අම්මා තාන් මුදලාවදු
නාන් තාන් රෙන්ඩාවදු **

හයියෙන් හුරතල් කර
හයියෙන් හිනා වී
මහ රෑම
බංකරෙන් පිටත් වුන අප්පා
නේන බව දැන දැනත්
පොට්ටුව පුරෝගත්
සංසුන් මූණ
නුඹ මගෙන් යන විටත් තිබුනා
මං බලන් ඉඳිද්දි ම
ඒ පොට්ටුවෙන් විද්ද
රතු ලෙයින්
අම්මා ගෙ සුදු මූණ පෙඟුනා

අඬන්න ට
විතරක් ම
දැන උන්නු මම
නුඹේ ඇඟ
බදාගෙන
වැළපුනා
වැළපුනා
වැළපුනා
.............
.............

නම් ලකුණු නොකරන
ගස් යට ඉස්කෝලය
දැං පුරුදුයි තමයි
වෙනසක් නෑ
බංකර් නැතුවා විතරයි
වෙඩි පුපුරන සද්දෙට
ගැහුනටත් හයියෙන්
පපුවම ගැහෙයි
නුඹ මතක් වී
නොදැනී ම
ඇහෙන් කඳුළුත් පනී

පොට්ටුව ගැන අහන්නෙපා
අම්මාට නැති පොට්ටුව
මම ආයෙත් තියන්නෑ
අම්මා අප්පා ගැන
උගන්නන්නෙපා
මට විතරක් නෙමෙයි
අපි කාටත් වාවන්නෑ

මහේෂ් මුණසිංහ
2009 07

** දෙමළ පද වල සිංහල තේරුම:
අම්මා තමයි පළවෙනියා
මම තමයි දෙවැනියා

විදැස් දෙවන කලාපය නිකුත් වුනා!  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya



මල්පෝච්චිය -පී.වයි. කුලතුංග  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by ඩෝසන්

මල්පෝච්චිය

සුපුරුදු ලෙසට බැලුණි
ඉබේට ම
වෙනදා මෙන් නොව
අද එය
අලුත් මුහුණුවරක් ගෙන ඇත
රටාවකට ගෙත්තම් කළ
මකුළු දැලකින්


පී.වයි. කුලතුංග


කවිතාලතා
සිඵමිණ 05-07-2009

පෙරුමාල් , උඹ වාසනාවන්තයි බං  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by ඩෝසන්

පෙරුමාල්
උඹ වාසනාවන්තයි බං


ඉරගල නැගෙන සමනොල කදු තුඩග රැඳී
පිනි මල් කැකුළ පොත් කරවන තැලුම් කති
ඒ ගල් තැලුම් නුඹ හිස සිට නියග දැනී
වහ පොද මුවින් බැස සමනොල අඩවි වැඩි


ඩෝසන් ප්‍රීති
2009-07-04

ජාතියක ප්‍රමෝදයේ උන්මාදනීය බව මෙතනින්

ආණ්ඩුව ලොකු කතා කිව්වාට......- බාහු  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya



With pomp and pageantry, showing the national flag as their clan flag, they are dancing dressed up in gold and silver, as if for a royal court. But they do not know that roof is coming down on them. Economy is as bankrupt as they are. At a time when there is a world economic crisis they cannot escape and dance like clowns. Chauvinists have given the false advice to increase the armed forces by 100,000 more. There is no relief to the masses. What is available is spent on armed forces. No one is prepared to help this government. They went to Burma and came back even without the money spent on the trip. While the government is strangling it self by such mad policies, there is intense pressure from the world community to relocate the 300000 suffering Tamils back at their own villages. Basil, Gotabaya and Lalith Weeratunga came back from India after receiving a good beating. The load of goods of the ship captain Ali had been put on their backs and sent back here! In addition due to Indian pressure they have agreed to devolution beyond the provincial council setup. It appears that the delegation agreed further, to ditch the chauvinist filth within the government. Though they brag about their victory there was no period in Lankan history where the rulers brought such disgrace to Lanka. Country is bankrupt while the people are starving both in the north and in the south. Lakhs and lakhs of people will be in streets without jobs and in hunger. Not only the private sector but also the state sector work places might collapse. Already ILO study has indicated 192000 have lost jobs in the recent past. It is like the situation that was in Lanka, in 1930s where malaria came with hunger. Similar epidemics are possible. Ministers are getting fat while the people are in great distress. A solution from the left is needed

-
BAHU
-LANKADEEPA Wata mesaya - 2.7.2009

බලාපොරොත්තුව මායාවකි. හෙට ගැන සිතීම නිශ්ඵලය. - ෂෝන් පෝල් සාත්‍රෙ  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya


හෙට යැයි දිනක් නැත. අප හැම දිනම මිය යන බැවිනි. කිසියම් ලොවක කිසියම් මොහොතක මිනිසා එම ලොවට පිටස්තරයකු සේ හැගේ. එම කූඩුවෙන් පළා යාමට දොරටුවක් නැත. බලාපොරොත්තු කඩ වීම හා මමත්වය ඔහුට අවාසනාව ළගා කරයි. ඔහු ජීවත් වන්නේ ලෝකය ඉදිරියේ හෝ පසු පසයි. ඔහු තමා විසින්ම දිවි තොර ගන්නෙකි.

අසම්මතවාදියා ඔහු විසින්ම දිවි තොර කර නොගනී. ඔහුට ජීවත් වීමට අවශ්‍යය. සම්මතයක් ඔහුට අවශ්‍ය නොවෙ. සම්මත කිසිවක් ඔහුට නැත. බලාපොරොත්තුව මායාවකි. හෙට ගැන සිතීම නිශ්ඵලය. වගකීමෙන් තොර ඝාතනයට ඔහු එරෙහි වෙ. මිනිසුන් අතර මිනිසකු සේ ජීවත් වන්නට පෙළඹෙ.

ෂෝන් පෝල් සාත්‍රෙ
පිටස්තරයා නව කතාවට එක් කළ පසුවදනින්
translation by- Somarathna Balasuriya

ජායිපූර් - රෝස පුරවරය-වාස්තුවේ ආලෝකයෙන් කියවීම  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by ඩෝසන්


ජායිපූර් - රෝස පුරවරය

නිමිත්ත - ඉන්දියාවෙ ප‍්‍රථම සැලසුම්ගත නගරය වන ජායිපූර්හි සියලුම ගොඩනැගිලි රෝස පැහැති නිසා රෝස පුරවරය නමින්ද හැදින්වේ

මන්දිර, සදළුතල
පියගැට මෙන්ම පටුමං
සියල්ලම රෝස පැහැයෙන්
සිහින නුවරක් ලෙස;
සියල්ල වසා පැතිරිනු
මේ ගුරු රෝස පැහැය
උඩින් උඩින් උඩු ගුවනින් හැලුනාදෝ
බිමින් බිමින් මහපොලොවෙන් ඉනුවාදෝ
හිමින් හිමින් මද සුලගින් පැමිනියෙදෝ
කොයි අතකින් කොයි ලෙසකින් ආවාදෝ
අතීත දුර්ග මං පෙත මත
දිනූ රන් කරඩුවක් ලෙස
මුද්‍රාගත වුවද මේ පුරවර
සුපසන් ඉතිහාස පොතමත
ඒ සියලු මුද්‍රාමත
නොරැුදවු
දසදහස් මිනිස්
ජීවිත සිහින සහ
ලේ මස් ඇට නහර
සංමිශ්‍රීතව ඇත
වියලි ගුරු පොලොවට
එකට; දෙකට; තුන අනුපාතිකව
අධිපති රාජ බල බමනයකට හසුව
ඉතින් මේ ගුරු රෝස පැහැය
සිහිනමය වර්ණයක් නොව
සැම නුවරකටම පොදු
සංයෝග වර්ණකාරක වු
මිය ගිය සිහින වල නොඋපන් කාන්තියයි
ලේ මස් ඇට නහර වල පීඩිත ජීවයයි
මේ මහපොලොවෙම අපරිමිත ශක්තියයි
සැගවූ සැබැවක රහසිගත ස්වරයි

සුසන්ත ජානක

නිවාස යනු ජීවත් වීමෙ යන්ත‍්‍ර ලෙස ලේ කබුසි [Le Corbusier] පැවසුවෙය. ලේ කබුසි නූතනත්වයට පත්වූ වාස්තු විද්‍යාවේ පුරෝගාමියෙකු වේ. ඔහු විසින් සැළසුම් කොට නිමවා ඉන්දියාවේ ඇති චන්ඩිගාර් නගරය නූතන ඉන්දියාවේ ප‍්‍රථම සැළසුම්ගත නගර නිර්මාණයයි.

සුසන්තගේ මෙ නිර්මාණය මා දුටු පළමු මොහොතේ මසිත උපන් සිතුවිලි අතර ලේ කබුසි ගැන මතකය ඇවිස්සී ගියෙනි ඒ ඔහු ගැන සටහනකින් මෙ කෙටි ලිපිය අරඹන්නට සිතුනේ.
සිටිස් ඔෆ් ඩිස්පෙයාර් [City of Despair] නමින් ඔහු ලියූ නූතන වාස්තු විද්‍යාව පිළිබද කෘතියක වූ සටහනක් මම මෙසේ උපුටා තබමි.

නගරය ප‍්‍රසාරණය වෙනවා.
නගරයේ වීථි ජුගුප්සාජනක යි.
ශබ්ධයෙන් දූෂිත යි.
දූවිල්ලෙන් පිරිලා.
භයානකයි.
මනුෂ්‍යයන් පදික වෙදිකාවල ගාල් කරලා.
ඔවුනොවුන් එකෙකාගේ ගමනට හරස් වෙලා.
එකෙකාගෙ කරේ නැගලා වගෙයි.
පැත්තෙන් පැත්තට මාරු වෙවී ඇවිදින්නට වෙලා.
සමස්ත දර්ශනයම මහා විනාෂයක් වගෙයි.
වාතය දූෂණය වෙලා දුහුවිලි සහ දුම් වලින්.
මාවත් පුරා පැතිර ඇත්තේ මරණයේ ශාපයයි.
ජීවත් වීමෙ ගුණාත්මක සාධක මනුෂ්‍යයකු අත් විදින්නේ කොහොම ද?
කාට හරි මෙහෙම ජීවත් වන්නට පුළුවන් ද?
[පරිවර්තනය , උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි ]

මේ අයුරින් දහනව වන සියවසේ පුනරුදයේ මුල් අවදියේ නගර නිර්මාණය විකාරයක් ලෙස දුටු කබුසි මිනිසාගේ වාසස්ථාන පිළිබද නව කියැවීමකටත් එම වාසස්ථාන සංගෘහිත වන මාර්ග පද්ධති සහ පහසුකම් පද්ධති සදහා වෙනස්ම කියැවීමක් මත පිහිටා කටයුතු කරන්නට ගත්තෙන් වාස්තු ලෝකය පැරණි රෝම- ඊජිප්තු- ගී‍්‍රක සම්ප‍්‍රදායන්ගෙන් බිදී ජීවත් වීමෙ යන්ත‍්‍ර ලෙස පුනර්කථනය වන්නට විය.

මේ අනුගමනයෙන් සිදු වූ වාස්තුවෙ පෙරළි හේතුවෙන් ෆැක්ටරි හෝ වැඩ බිම් නැවත ප‍්‍රතිසංවිධානය වූයේ ඒවායේ කි‍්‍රයාදාම ද මිනිස් කි‍්‍රයාදාම මෙන්ම වඩාත් උචිත ලෙස වඩාත් පෘථුල ලෙස කම්කරුවන් සූරා කෑමට ඉඩකඩ සලසන අයුරිනි.
එනයින් කබුසිගේ වාස්තුව එදා දවසේ සූරා කෑමට ලක්ව හුන් කම්කරුවන් ගේ ජීවන කොන්දේසි කෙරෙහි ධනාත්මකව බලපාන්නට වන්නේ ය.

වඩාත් මානවවාදී වූත් සූරාකෑමෙ යාන්ත‍්‍රණයකට මානුෂික මුහුණක් දීමට කබුසි සමත් වූයේ එහෙයිනි.

කෙසේ වුවත් කබුසිගේ අදහස වූයේ මිනිස් ක‍්‍රියාකාරකමට අනුව වාස්තුව අදාල වනසේ වෙනස් විය යුතු වගයි. එය අද පළල් අරුතින් වාස්තු විදුදරුවන් ක‍්‍රියාවෙ යොදවන සිද්ධාන්තයකි. [Form Follows Function] ඔහුට පෙර රෝහල්- පාසල් -කර්මාන්තශාලා -උසාවි -දේවස්ථාන යනාදී සියළු ගොඩනැගිලි එකම වාස්තු ලක්ෂණ පෙන්වීය. එය නිවැරදි නොවන වග වාස්තුවට දැනුමක් ලෙස ගෙන එන්නේ කබුසිය.

දැන් මෙ රෝස නගරය ගැන ද කිව යුත්තේ එබදුම නූතනත්වය හරහා පුනර්ජීවය ලද නගරයක් ය යන්නම වෙ.

සුසන්ත නුතනත්වය හඹා යන නගරය ගැන මානවීය මතවාදයක් එකතු කර කවියක් ලිවීම සුවිශේෂි කාරණයකි.

රෝස වර්ණය බිත්ති මත ඇතිරීම අහම්බයක් නොවේ. එමෙන්ම කවියේ පද අතරින් වෑස්සි එන්නා වූ මානවීයත්වය ද ඊට හේතු නොවේ. එම මානවීයත්වය කවියා විසින් ගොඩනැගිලි මත තැවරූවක් මිස එහි යථාව සමග ඓන්ද‍්‍රීය සබැදියාවක් නොවෙ. එම ඓන්ද‍්‍රීය සබැදියාව සොයා යන්නට අපට වර්ණ සහ මිනිසා අතර ඇති ආලෝක විශයෙහි පවත්නා සබැදියාව ට ඔබ්බෙන් ඇති වර්ණ හා බැදුනු මනෝ විශ්ලේෂණ න්‍යායන්හි තෙරකට යා යුතු වන්නේය. එනමුදු සරල හේතුන් මත අධිනිශ්චය වන්නා වූ ජායිපූර් රෝස කතාව මද වෑයමකින් විවරණය කරගත හැක.

වර්ණ ගැන වර්ණාවලිය ගැන ගැලීලියෝ- නිවුටන් සිට මැක්ස්වෙල්- හෙල්ම්හෝල්ට්ස් හරහා අයින්ස්ටයින් -රෝලන්ඞ් බාත් දක්වා අදහස් දහරා ගලා එයි. ඒ ඒ අය තම තමන් අරක් ගත් විජිත වල දොර මුර කපොළු රකිමින් ආලෝකයේ භෞතිකය විග‍්‍රහ කරගත්තෝය. මිනිස් විශයෙහි මනෝ විශ්ලේෂණ න්‍යාය ෆ්‍රොයිඩියානු මතවාදයේ සිට ලැකානියානු මතවාද දක්වා ද සිය සිරුර වර්ධනය වද්දී ආලෝක විශයයෙහි යථාව මිනිස් මනසේ උත්තුංග ක්ෂේත‍්‍රයක් බවට පරිණාමනය වී ඇත්තේය.
ආලෝකය මිනිස් විශයෙහි අත්දැකීමක් ලෙස ප‍්‍රතිසංවිධානය වූ වර්ණ පිලිබද වාදය -වර්ණබේදවාදය නොවේ- වත්මන් දාර්ශණික කතිකාව තුල වියමනක් ලෙස හදුනා ගනිද්දී, රෝස නගරය ගැන යලි යලිදු කියවන්නට අපව පොළඹවයි.

රෝස පැහැය මිනිසා කෙරෙහි සායනික බලපෑම් ඇති කරන ප‍්‍රබල භෞතික සංඥාවකි. වෙනත් අනෙක් වර්ණයන්ට වඩා රෝස පොදුවෙ ස්ත‍්‍රී වර්ණයක් ලෙස ශිෂ්ඨාචාරයේ පිලිගැනීමට ලක්ව ඇත්තේය. රෝස පැහැය ව්‍යුත්පන්න වන්නේ රතු මූලික වර්ණයෙනි. රක්ත වර්ණය මිනිස් රුධිරයේ පැහැය යි. වික‍්‍රමයේ සංඥාවයි- අගහරුගේ පැහැයයි -වික‍්‍රමයට අධිපති කුජගේ වර්ණයයි. බොහෝ සත්වයින් ද රක්ත වර්ණ රුධිරය ලබා ඇත්තේ රසායනිකව ඔක්සිජන් සබැදි නිමවන හිමොග්ලොබින් නමැති රසායනයේ වර්ණය හේතුවෙනි. වර්ණවලට ස්වාභාවධර්මය නමැති මහ පොදු සාධකයෙන් ජීව විද්‍යාත්මකව -උද්භිද විද්‍යාත්මකව- රසායන විද්‍යාත්මකව යනාදී වශයෙන් ශුද්ධ විද්‍යාත්මක පදනම් වලින් විග‍්‍රහ ලැබෙන්නේය.

ජීවයට සම්බන්ධ වන රෝස පැහැය පුරාණෝක්තිවල පේ‍්‍රමය හා නුරාවෙ ලකුණක් ලෙසද ශෘංගාරාත්මක කතනයක ද යෙදේ. අලුත උපන් බිලිදුන් ලිංගිකව වෙන් කරගන්නට ද භාවිත වේ.
කෙසේ වුව ද රෝස පැහැය එම පැහැයට ඉතා සමීප කහ සහ රතු මිශ‍්‍රවීම් හරහා ගොඩ නැගෙන සියළු වර්ණ ස්වාභාවික කහට පැහැයෙන් යුත් ආගමික වක්තෘවරුන් ඇගලන ලෝගු සහ සිවුරු වල පැහැය බවට පත් වේ. ජායිපූර් නගර ගොඩනැගිලිවල සැබැවින් ඇත්තේ එම පැහැයයි. හින්දු ආගමික ප‍්‍රභවයන් තුල විරාජමාන වන වාස්තුව තුල පැහැදිලිව ම ආගමික බව හැර වෙනත් හැගවුමක් මෙම රොස වර්ණයේ ප‍්‍රබෙධයන් රෝස පුරවරයට නොගෙනෙයි.

එනමුදු කවියා විසින් එම ආධානග‍්‍රාහී පශ්චාත් ආගමිකකරණය ට නැවුම් අරුතක් ගෙන දීමට නැවත ආලේප කරන වර්ණය මෙ කවිය තුල විද්‍යමාන වෙ.
සාමුහික ජීවිතය සහ මිනිසාගේ අත්‍යෝත්තර මිය ගිය සිහිනය ගැන කරන්නා වූ පර්යාලෝකනයක් බවට මෙ කව මගේ සිත් ගනී.
මෙ කවිය මිනිසාගේ ජීවත් වීමෙ යන්ත‍්‍රයට නව පණක් පොවන්නේ එබැවිනි. Invisible Cities ලෙස ඉටැලෝ කැල්විනෝ [Italo Calvino] ලියා පළ කළ පෙනෙන නගරවල නොපෙනෙන නගර පිලිබද කෙටි සටහන් පොතේ ඉඩක් මෙ රෝස පුරවරයට ලැබෙන්නේ මෙ සුසන්තගේ කාව්‍යාත්මක අභිනන්දනය හේතු වෙන් යැයි මගේ සිත මට පවසයි.

-ඩෝසන් ප්‍රීති-

‘සහෝදර ජනතාව’ -මහේෂ් මුණසිංහ  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by ඩෝසන්

‘සහෝදර ජනතාව’


ඔබ සිතන්නේ
ඔවුන් අඳුරු බිම්ගෙයක
කෘර වද දී සිරකළ යුතු බවද
එසේනම්
කටු කම්බි ගසා
කඳවුරක ගාල් කළ වුන්
නිදහසේ ජීවත්වන බව
ඔබ පවසනු ඇත
ඔබ සිතන්නේ
ඔවුන් විළි බිය නැති
නිරුවත් වනචාරීන් බවද
එසේ නම්
බෙදාදුන් කඩමාල්ලක්
දවටා ගත් කළ
ඔවුනට සේද සළු ඇති බව
ඔබ පවසනු ඇත
ඔබ සිතන්නේ
ඔවුන් තැන තැන වැටී
හාමතේ මිය යා යුතු බවද
එසේ නම්
පාන්දර තුනේ පෝලිමේ
බෙදෙන වතුර ඩිංගට
අමෘතය වැනි යැයි
ඔබ පවසනු ඇත
ඔබ සිතන්නේ
ඔවුන් වසංගත ලෙඩෙන්
වනවී වැනසී යා යුතු බවද
එසේ නම්
ස්වේච්චා දොස්තර වරයෙකුගේ
බෙහෙත් පෙත්තකට
දිව්‍ය ඖෂධය යැයි
ඔබ පවසනු ඇත
ඔබ සිතන්නේ
ඔවුනට හිමි එකම ඉරණම
ජීවිතය නොව මරණය බවද
එසේ නම්
මළ මිනිසුන් අතර ඉතිරිවුනු
මිනිසෙකුගේ හුස්මකට
ජීවිත් වීම යැයි
ඔබ පවසනු ඇත
ඔබ සිතන්නේ
ඔවුන් දනින් වැටී පෑගී
නිවටුන් සේ සිටිය යුතු බවද
එසේ නම්
බලාගත් අත බලා ඉන්නා
මේ නිහඬ මිනිසුන් ට
සහෝදර ජනතාව යැයි
එවිට ඔබ පවසනු ඇත

මහේෂ් මුණසිංහ
2009 07

තුවක්කු ද මුව වසා මුනිවතිනි - [ගම්දොර පැමිණීම - ගුරු ගීතය ඇසුරින්- උපුල් සේනාධීරිගේ]  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya


ගම්දොර පැමිණීම

බතරොයිද සුළු අවිද
"කත් යුශා" තුවක්කු ද
මුව වසා මුනිවතිනි

යුද්ධය නිමව ඇත ..................!

ජය පැන්ද හේරි හඩ
රණ ගොසද ගුවන මත

හිම මිදෙන සීතලේ
ගල් ඇතිරු දෙවැටකින්

බරු බරැති හදවතින්
පියමං කරනුයේ
සොල්දාදුවෙක් තනිව

දේවදාරා ගොමුව
තුල වැතිර එකලාව
ගම් පියස ගොලුවතිනි

පාළු පාසල වසා
සය මසෙහි අගුලු ලා
ගුරු නිවහනෙකි දිරන

ගෙමිදුලේ කිවි කියන
කෙළි වතිනි බෝ ළමෝ

හකුරු පැණි තෙලි දියද
වැල් මී ද වන ඔසු ද
විකුණනා ගම් දනෝ
සෙබළ නෙතු නිති ගැටින

විස්සෝප උන් නෙතින්
විමසනා බඳුය ඔහු

මහළු බණ මඩුව බිතු
කඩ නොළුව පෙඳ වතිනි
කීන බල්ලෝ රැලකි
එබණ මඩුවෙහි ලගින

සමිති ගම් මඩුව හිස
දිරූ පොල් අතුය රැස
නිම නොවූ යුද්ධයක
අවිඳු අඳුරක් විලස
සෙබළ හදවත ඉමක
නැගුණු කඳුලක්ය ඇස

අවි එසැ වූ අත් වලට
නැණ දිය පොදක් පිරි
සිහිල් නිල් දිය කඳුරු
අභිමනක් සිත පිරි
අවි පසෙක හැර පිය
කිත් යසස් පසෙක ලා
මෙගම් බිම් කුස දිනන
යුද්ධයකි නව වෙසින
පුංචි දැරි දිව ඇතිත්
තැබී ඔහු අත්ල මත
වෙරළු ගෙඩි කිහිපයක්
හිච්චි අයිසේ කියා ...........
ඇමතීය ඔහු සැණින්

උදා අරුණළු තුලින්
අම්මගේ නෙතු ගැටින
එකළ .....................
හිරු පිබිදුනිය
සූරිය කඳු මතින්


(ගුරු ගීතය ඇසුරින්)
උපුල් සේනාධීරිගේ
කොග්ගල

ඔත්තුවක්- චේ සහ ජුලියට් ඔයයි මායි තනියම ක්‍රිකට් ගහන්න එන්න  

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න - Posted by Koombiya


කෙටි නාට්‍ය තුනක්

චේ සහ ජුලියට්
ඔයයි මායි තනියම
ක්‍රිකට් ගහන්න එන්න

ජූලි 03- 6:30- ලූම්බිණි


රන්සුණු

Write in such a way as that you can be readily understood by both the young and the old, by men as well as women, even by children. -Ho Chi Minh

සෙට් වෙනු පිණිස

වයර් දිගේ-
boondionline@gmail.com
ගොළුඛෙලි තැපෑලෙන්-
බූන්දියේ අපි, 191/2, කැන්දලියැද්දපාළුව, රාගම.
හලෝ හලෝ-
0777 260817

කවිසිත්.com

වචන ටැක්සි


කට දිග ඇරලා කියන්ඩ!


ShoutMix chat widget

බූන්දිය සමග එක් වෙන්න

සුදුසුකම- අකුරු විශ්වාස කිරීම
නුසුදුසුකම- ඉක්මනින් හති වැටීම

බූන්දිය අළුතෙන් හිතන්නට කැමති, නිදිමත නැති ඇඟිලි තුඩු වලට ලියන්නට ආරාධනා කරයි. අපි ඉක්මනින් එක්වෙමු.

BOONDI Anti-Copyright Policy.

බූන්දියට කොපිරයිට්ස් නැත. කරුණාකර, මේ අකුරු සුදුසු බිම් වල පැල කරන්න.

News : W3Lanka

පරණ (නොවන) බූන්දි